මේ පාරෙන් එන්න | Me Paren Enna - Song for NPP - HitCafe

මේ පාරෙන් එන්න ...... Song for NPP #anurakumaradissanayake #රටඅනුරට #நாடுஅநுரவோடு #මේපාරමාලිමාවට #AKD2024 #nppsrilanka #jvpsrilanka #akd ✘ සංගීතය - බුද්ධික ගයාන් ගුණරත්න / අසංක වික්‍රමසිංහ. ✘ පද රචනය - බුද්ධික ගයාන් ගුණරත්න. ✘ ගායනය - බුද්ධික ගයාන් ගුණරත්න. ✘ ශබ්ද සංකලනය - අසංක වික්‍රමසිංහ. මේ දූෂිත ජඩ දේශපාලන ක්‍රමය වෙනස් කොට, පුනරුද යුගයකට අප මාතෘ භූමිය රැගෙන යාමට ජාතික ජන බලවේගයේ සහෝදරත්වයට සුබාශිංසන...! #මේපාරෙන්එන්න අතීතයේ සුසුම් පහ වී යන්න නිදහසේ අසිරිය විඳගන්න හෙළු කඳුලැල් හසරැල් වෙන්න එන්න ඔබත් අප හා යන්න දූගී බවේ බැමි සිඳලන්න ජීවිතයට වටිනාකම් දෙන්න පුනරුද යුගයට ඇරඹුම දෙන්න ඔබත් එන්න අප හා යන්න මේ පාරෙන් එන්න ජය ටැම් කරා යන්න සිහින තවත් සිහිනම නොවෙන්න නිවැරදිම දිශාවට හැරෙන්න මේ පාරෙන් එන්න ප්‍රාර්ථනාවන් දල්වන්න පාරාජිත රටක් දිනවන්න විශ්වාසයේ දෑත් ඔසවන්න බෙදී නොවී එක්ව නැගිටින්න මිනිසත්කමේ අසිරිය පෙන්වන්න සමගියේන් අත් වැල් බැඳ ගන්න උපන් රටට ජීවය දෙන්න හෙටක් ගැන බියක් නොමගෙන දෙන්න පැහැබර සිතුවිලි දළුලා වැඩෙන්න නිවහල් දැයක පෙරමන් යන්න පුරවැසි යුතුකම ඉටුකරලන්න මේ පාරෙන් එන්න ආදරේ වපුරන්න බෙදුණු බිඳුණු හිත් යලි සුවපත් වෙන්න ප්‍රේමයේ අස්වැන්න නෙළන්න මේ පාරෙන් එන්න ජය ටැම් කරා යන්න සිහින තවත් සිහිනම නොවෙන්න විශ්වාසයේ දෑස් දල්වන්න විශ්වාසයේ දෑත් ඔසවන්න…!! #npp #akd #රටඅනුරට #මාලිමාවටකෝටියක් #நாடுஅநுரவோடு #මේපාරමාලිමාවට #අපිනෙඡන්දෙදෙන්නෙ #AKD2024 #nppsrilanka #jvpsrilanka #AKD